> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
- URL: https://www.citizen.lk/a-notice-from-the-department-of-registration-of-persons/
- Published: 2026-03-30T04:25:25.000Z
- Updated: 2026-03-30T04:26:00.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

March 30 (Citizen.lk News) - පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු තවදුරටත් සිදු වෙමින් පවතින අතර පසුගිය මාර්තු 23, 24 සහ 26 යන දිනවල පද්ධති දෝෂ හේතුවෙන් හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් අද (30) එක්දින සේවය යටතේ හැඳුනුම්පත් නිකුත් කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එමෙන්ම බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ සහ පළාත් කාර්යාලවල එක්දින සේවා කටයුතු හෙට, එනම් මාර්තු 31 වැනි අඟහරුවාදා සිට සුපුරුදු පරිදි යළි ක්‍රියාත්මක වීමට නියමිත වනවා.

ඒ අනුව ප්‍රධාන කාර්යාලයේ සහ පළාත් කාර්යාලවල සාමාන්‍ය සේවය සහ පෙරටු කාර්යාල සේවා 2026 අප්‍රේල් 06 වැනි සඳුදා දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවත් පද්ධතිය සම්පූර්ණයෙන්ම යථාවත් වූ පසු සියලු සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.