CD තැටි තොගයක් සමඟ මුස්ලිම් ජාතික මාධ්‍යවේදියෙක් අත්අඩංගුවට.

0
191

අනුරාධපුර උදය මාවතේ නිවසක සගවා තිබූ සංයුක්ත තැටි 326 ක් සමඟ මුස්ලිම් ජාතික මාධ්‍යවේදියෙක් ඊයේ(12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුද හමුදාව සහ පොලිසිය එක්ව කළ සෝදිසි මෙහෙයුමකදී මොහු අත්අඩංගුවට ගැනුණා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ විද්‍යුත් නාලිකාවක සේවය කරන 58 හැවිරිදි මාධ්‍යවේදියෙක්.

මෙම පුද්ගලයා සතු සංයුක්ත තැටි සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසනවා.

ඔහු අද (13) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.