> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# හිටපු මුදල් ලේකම් හා ජනපති අතර හමුවක්
- URL: https://www.citizen.lk/a-meeting-between-the-former-finance-secretary-and-president/
- Published: 2026-01-23T07:24:50.000Z
- Updated: 2026-01-23T07:24:50.000Z
- Author: Dhanu Kulathunga
- Tags: ව්‍යාපාරික

January 23 (Citizen.lk News) - හිටපු භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊයේ (22) ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී තිබෙනවා.

X සටහනක් තබමින් මහින්ද සිරිවර්ධන සඳහන් කරන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡාවක නිරත වීමට හැකි වූ බවයි. 

එහිදී ශ්‍රී ලංකා ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාර වර්ධනය ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතුළුව අභියෝග, අවස්ථා සහ ඉදිරි මාර්ග පිළිබඳව අදහස් හුවමාරු කර ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.