වාහනයකට පහරදුන් ප්‍රභූ ආරක්ෂක කල්ලිය ගණිත ගුරුවරයෙක්ට අයත් බව සොයාගැනේ.

0
546

කොළඹ නුවර පාරේ කළගෙඩිහේන ප්‍රදේශයේදී ප්‍රාඩෝ රථ දෙකකට ඉදිරියෙන් ගමන් කළ වෑන් රථයක් පසුකර යාමට ඉඩ ලබා නොදීම හේතුවෙන් ජිප් රථයේ සිටි ආරක්ෂක නිලධාරින් විසින් වෑන් රථයට පහරදීමේ පුවතක් ඊයේ වාර්තා වුණා.

කෙසේ නමුත් එහි ගමන්ගත් පුද්ගලයාගේ ආරක්ෂාව වෙනුවෙන් පැමිණි බව පැවසෙන ඩිෆෙන්ඩර් රථය දේශපාලකයෙකුට අයත් නොවන්නක් බවයි සඳහන් වන්නේ.

CAG 0550 දරණ ප්‍රාඩෝ රථය සහ CAD 8850 දරණ ඩිෆෙන්ඩර් රථයේ වර්තමාන හිමිකරු මෙරට ජනප්‍රිය ගණිත දේශකයෙකු බවයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.

එම ගණිත දේශකයා කිසිදු දේශපාලන බලයකින් තොරව සිය මූල්‍ය හැකියාව මත මෙම පෞද්ගලික ප්‍රභූ ආරක්ෂක කල්ලිය නඩත්තු කරමින් සිටින අතර ආරක්ෂක අමාත්‍යංශයේ අවසරයකින් තොරව පසුගමන් රථයක් ද භාවිත කරන බවයි තොරතුරු වාර්තා වන්නේ.