අවිශ්කගෙන්, ජ්‍යෙෂ්ඨයින්ට පාඩමක්.

0
25

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 338ක් රැස්කළා.

එහිදී අවිශ්ක ප්‍රනාන්දු සිය මංගල එක්දින ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා ඉනිමක් ගොඩනැගූ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 102කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 9ක් සමඟින් ලකුණු 104ක් රැස්කළා.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් රැස්කළ ප්‍රථම ශතකයද මෙයයි.

මීට අමතරව ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් වාර්තා කළ තුන්වන ලාබාලතම ක්‍රීඩකයාද වන්නේ අවිශ්ක ප්‍රනාන්දුයි.

කුසල් ජනිත් ලකුණු 64 යි.