> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ධීවරයින්ට ඉහළ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ක්‍රමයක්
- URL: https://www.citizen.lk/a-higher-pension-benefit-system-for-fishermen/
- Published: 2026-01-21T09:18:20.000Z
- Updated: 2026-01-21T09:18:20.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දෙස්

January 21 (Citizen.lk News) - ධීවරයින් සඳහා ඉහළ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ක්‍රමයක් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් හඳුන්වා දී තිබෙනවා.

ධීවරයින්ගේ ක්‍රය ශක්තිය අනුව ඔවුන්ගේ අභිමතය මත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම හඳුන්වා දී තිබීම මෙහිදී විශේෂ වනවා.

එහිදී රු 5,000, රු 10,000, රු 15,000, රු 20,000, රු 25,000 හෝ ඊට වැඩි ආදි වශයෙන් අභිමතය පරිදි වයස අවුරුදු 60න් පසුව මාසිකව ලබාගත හැකි ඕනෑම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයකට දායකවිය හැකි අතර වයස අවුරුදු 60න් පසුව එළැඹෙන එක් එක් වයස් සීමාවන් තුළ විශ්‍රාම වැටුප් වැඩිවීමක්ද සිදුවේ.