රුසියාවේ Rosoborone සමාගමෙන් වව්නියාවට හෙලිකොප්ටර් ගරාජ් එකක්.

0
20

රුසියාවේ රාජ්‍ය සමාගමක් වන Rosoborone (JSC Rosoboronexport) ආයතනය මගින් වව්නියාවේ ගුවන් හමුදා කඳවුර භූමියේ හෙලිකොප්ටර් යානා අලුත්වැඩියා කිරීමේ ඒකකයක් ස්ථාපිත කිරීමේ යෝජනාවක් ආරක්ෂක අමාත්‍යංශ්‍යට ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙනවා.

එම සමාගමේ මෙරට නියෝජිතයකු මගින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති බව සඳහන්.

වර්ෂ 2015 දී අදාළ යෝජනාව එම සමාගම ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා ඩොලර් මිලියන දහ නවයක පිරිවැයක් දරන බව ද පවසනවා.

ඒ, සමඟ එවකට සිටි ගුවන් හමුදාපතිවරයා විසින් එතරම් මුදලක් වැයකර හෙලිකොප්ටර් ගැරෙජ් එකක් දැමීම නිෂ්ඵල ක්‍රියාවක් බව පැවසීමත් සමඟ අදාළ යෝජනාව යට ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මෙවර එම සමාගම යෝජනා ඩොලර් මිලියන 40 කින් මෙය කිරීමට හැකි බව පවසා ඇති බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් හෙලිකොප්ටර් යානා අලුත්වැඩියා කරන ආයතනයක් මෙරට ආරම්භ කළද වෙනත් රටවල යානා අලුත්වැඩියාවට මෙරටට නොපැමිණෙන බව ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළා.

දැනට ඉන්දියාවේ හා වියට්නාමයේ එවැනි යානා අලුත්වැඩියා කරන ආයතන ඇති නිසා ඒවාට වැඩි ඉල්ලුමක් පවතින බව ඔහු පවසනවා. මීට පෙර එම සමාගම ඩොලර් මිලියන එකසිය අනූවකට ශ්‍රී ලංකාවට නැවක් ලබාදීමටද සැලසුම් කර තිබෙනවා.