> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා භාරයට
- URL: https://www.citizen.lk/a-group-of-indian-fishermen-taken-into-custody-by-the-navy/
- Published: 2026-01-13T05:50:24.000Z
- Updated: 2026-01-13T05:50:24.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්, පුවත්

January 13 (Citizen.lk News) - මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරමින් නීති විරෝධීව මසුන් ඇල්ලු ඉන්දීය ධීවරයින් පිරිසක් අද (13) අලුයම ඩෙල්ෆ්ට් මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙරට මුහුදු සීමා නීති උල්ලංඝනය කරමින් මසුන් ඇල්ලීමේ චෝදනාව මත මෙම ඉන්දීය ධීවරයින් දසදෙනා සහ ඔවුන්ගේ යාත්‍රාව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.