යෝකර් රජුට ඉන්දියාවෙන් ලැබුණු ආදරණීය සමුදීම. (PHOTOS/VIDEO)

ශ්‍රී ලංකාවේ ප්‍රබලතම වේගපන්දු අවිය ලසිත් මාලිංග ඊයේ රාත්‍රියෙන් ඔහුගේ ක්‍රිකට් ලෝක කුසලාන වංශකතාවට නැවතීමේ තිත තැබුවා.

ඒ ලෝක කුසලාන තරඟාවලි 4 ක ම අමරණීය මතකයන් රැසක් ඔහුට ආදරය කළ ප්‍රේක්ෂකයාට ඉතිරි කරමින්.

35 හැවිරිදි වියේ පසුවන යෝකර් රජු ලෙස විරුදාවලි ලත් මාලිංග තරඟ 225 කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 335ක්.

ඊයේ තරඟය අතරතුර, IPL තරගාවලියේදී මාලිංගගෙන් ගුරුහරුකම් ලැබූ ජස්ප්‍රිට් බුම්රා සහ හාර්දික් පාණ්ඩ්‍යා යන වේගපන්දු යවන ක්‍රීඩකයන් ඔහුට සමුදීම ක්‍රීඩා මාධ්‍යවල අවධානයට යොමුවී තිබුණා.