කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙක් අත්අඩංගුවට.

0
135

කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 80 ක් මිලි මීටර 9 වර්ගයේ ජීව උණ්ඩ 10 ක්, කඩුවක් ද සොයා ගෙන ඇති බව වාර්තා වෙනවා.

කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනවා.