මුහුණ වසාගෙන අවමංගල්‍ය උත්සවයකට සහභාගි වූ යුවලක් අත්අඩංගුවට.

0
909

අවමංගල උත්සවයකට සහභාගි වීම සඳහා මුහුණ වසාගෙන පැමිණි මුස්ලිම් ජාතික කාන්තාවක් සහ ඇයගේ ස්වාමි පුරුෂයාව අත්අඩංගුවට ගෙන ඇති බව හලාවත පොලීසිය සඳහන් කළා..

11 වැනිදා රාත්‍රීයේ හලාවත – ජයබිම ප්‍රදේශයේදී ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 23 ක් වන පිරිමි අයෙකුව සහ අවුරුදු 26 ක් වන කාන්තාවක්. වයස් පරතරයක් තිබුණද ඔවුන් අඹු – සැමියන් බව කියනවා.

කාන්තාව හලාවත – ජයබිම පදිංචිකාරියක් වන අතර,පිරිමි අය පුත්තලමේ පදිංචිකරුවෙකු වුවත් විවාහයෙන් පසුව ඔහුද හලාවත – ජයබිම ප්‍රදේශයට පදිංචිය සඳහා පැමිණ තිබෙනවා.