කාලගුණයේ වෙනසක්.

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වය තවදුරටත් පවතින ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසනවා.

උතුරු, උතුරුමැද, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත් වලත් ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැ.කි.මී. (50-55) දක්වා ක්ෂණිකව ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි .