ඥාණසාර හිමියන්ට එරෙහිව ඇති නඩුවකට දින නියම වේ

පොලොන්නරුව ප්‍රදේශයේදී වෙනත් ආගමකට අපහාස වන ආකාරයට ප්‍රකාශ නිකුත් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුවක් මාර්තු මස 16 දා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා .

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව මූලික විමර්ශන සිදුකළ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය අධිකරනයට දැනුම් දුන්නා.

ඒ අනුව නඩුවට අදාළ විමර්ශන වල ප්‍රගතිය මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට නියෝග කළා .

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න