BMW රථයක්, මීනී පෙට්ටිය කරගත් ඔලුව හිස් ධනපති හිඟන්නා.

    නයිඡිරියාවෙි ධනපතියෙක් සිය අවසන් ගමන ගියේ මිනී පෙටිටිය වෙනුවට සුවපහසු BMW රථයක් තුළයි. නයිඡිරියාවෙි Anambra Stateහි මිය ගිය පුද්ගලයාගේ ධනපති පුතාට අවශ්‍ය වුයේ සිය පියාට දිය හැකි උපරිම අවසන් ගෞරවය ඔහුවෙත ලබා දීමටයි.

    අසුබුකී ( Azubuike ) නැමති ඔහු සිය පියාගේ මෘත දේහය මිනී පෙටිටියක බහා වළලනවා වෙනුවට ඩොලර් මිලියන ගණනක් වැයකර අලුත්ම අලුත් නවීන BMW රථයක් මිලට ගෙන සිය පියා රථයට ඇතුල් කොට රථය වළ දමනු ලැබුවා. මේ සිදුවීම දැනගත් නයිඡිරියානු මිනිසුන් සිය සමාඡ ඡාලා අඩවි හරහා අසුබුකිට බැණ වැදී තිබුණා. ඔවුන් අසුබුකිගෙන් ඇසුවේ ” දහස් ගණනක් කුස ගින්නෙන් මැරෙන මිනිසුන් ඡිවත්කරවීමට හැකියාව තිබීයදී මළ මිනිසෙකු වෙනුවෙන් මිලියන ගණනක් වැය කිරීමේ තේරුම පහදා දෙන ලෙසයි.

    අපට මෙය අලුත් දෙයක් වුණත් ලෝකයට මේවා අලුත් නැහැ.1988 එක්සත් ඡනපද මත්දව්‍ය ඡාවාරම්කරුවෙක් මිය ගියපසු ඔහුගේ මෘත දේහය තැන්පත් කර ඇත්තේත් gold-plated Mercedes-Benz රථයක් තුළයි.එහි වටිනාකම ඩොලර් මිලියන 19 ක්. මසිඩීන්ස් බෙන්ස රථය පිටින්ම ඔහු වල දැමු බව සඳහන්. ඒ වනවිට ඔහු ඡිවත්ව සිටියදී උපයා ඇති මුදල ඩොලර් බිලියන 2 ක් බව ද වාර්තා වෙනවා.

    2015 දී එනාගු කෝටිපති මත්ද්‍රව්‍ය ඡාවාරමි කරැවෙකු සිය මවගේ මෘත දේහය ඩොලර් මිලියන 100 ක් වටිනා brand new Hummer රථයක වළ දමා තිබෙනවා.