අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තුවට

0
197

ලබන වසර මුල් මාස තුන සඳහා මුදල් අනුමත කර ගැනීමේ අතුරු සම්මත ගිණුම හෙට (21දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් මණ්ඩලය අද (20දා) පෙරවරුවේ පළමුවරට ජනපති ප්‍රධානත්වයෙන් රැස්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතුරු සම්මත ගිණුමට අදාළ කැබිනට් සංදේශය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් හෙට දින (21දා) පාර්ලිමේන්තුවට එය ඉදිරිපත් කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here