> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# පඩු­ක­රඳ ගස ඉවත් නොකි­රී­ම නිසා රු මිලි­යන 980ක් වන්දි­යක් ඉල්ලයි
- URL: https://www.citizen.lk/980-million-in-compensation-sought-for-failure-to-remove-the-padukaran-tree/
- Published: 2026-01-18T15:41:07.000Z
- Updated: 2026-01-20T08:09:22.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

January 18 (Citizen.lk News) -මධ්‍යම අධි­වේගි මාර්ගය ඉදි කිරී­මේදී ගම්පහ දාර­ළුව දුම්රිය ස්ථානය ආස­න්නයේ තිබූ පඩු­ක­රඳ ගස ඉවත් නොකි­රී­ම නිසාවෙන් ඉදි­කි­රීම් ප්‍රමා­දය නිසා වූ පාඩුව වෙනුවෙන් අදාළ චීන සමා­ගම රු මිලි­යන 980ක් වන්දි­යක් ලෙස ඉල්ලා තිබෙනවා.

මධ්‍යම අධි­වේගි මාර්ග ව්‍යාපෘ­තියේ අධ්‍යක්ෂ ඉංජි­නේරු ආර්.එම්.ජේ.එන්. රත්නා­යක සඳහන් කරන්නේ මේ මාර්ගය ඉදි කිරීම ප්‍රමාද වූ නිසා චීන සමා­ග­මට ගෙවිය යුතු සම්පූර්ණ වන්දි මුදල තව­මත් ගණන් බලා නැති අතර පඬු­ක­රඳ ගස නිසි වේලා­වට ඉවත් කිරී­මට නොහැකි වීමෙන් පම­ණක් මෙසේ රු. මිලි­යන 1000කට ආසන්න මුද­ලක් රටට අහිමි වූ බවයි.