මිනුවන්ගොඩ සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 9ක් රක්ෂිත බන්ධනාගාරයට.

0
133

මිනුවන්ගොඩ හා අවට ප්‍රදේශවල ඊයේ රාත්‍රී ඇතිවූ නොසන්සුන් හා ප්‍රචණ්ඩකාරි සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 9 දෙනෙකු ලබන 29 වන දා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කළා.

ඒ , මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

විශේෂ අධිකරණ ප්‍රතිපාදන දෙකක් යටතේ මොවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළා.

ඒ , හදිසි අවස්ථා රෙගුලාසි හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත යටතේ වන නීතිමය ප්‍රතිපාදනවලට අනුකූලවයි.

මේ යටතේ මෙම සැකකරුවන්ට ඇප ලබා ගැනීමට හැකියාව ඇත්තේ මහාධිකරණයකින් පමණක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

ඔහු පැවසුවේ, මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ සැකකරුවන් 9 දෙනෙකු සහ අද පෙරවරුවේ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර , අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 04 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here