උතුරු මුහුදෙන් ගංජා කිලෝග්‍රෑම් 79ක් අල්ලයි. – PHOTOS

උතුරු මුහුදේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 79 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ, අද අලුයම නාවිකයින් පිරිසක් වෙත්තලකර්නිවලට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයේ කළ මුර සංචාරයකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

මෙම කේරළ ගංජා තොගය ඩිංගි යාත්‍රාවක් මගින් මුහුදු මාර්ග ඔස්සේ මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති බවට සැක කෙරෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලීසියට භාරදීමට නියමිතයි.