71 වන නිදහස් සැමරුමට සියල්ල සූදානම්

0
374

අභිමානවත් 71 වැනි ජාතික දින සැමරුම් උළෙල හෙට (04) කොළඹ ගාලූමුවදොර අභියසදී පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජාතික දින උළෙල පැවැත්වෙන අතර මෙයට සමගාමීව කොළඹ ගාලූමුවදොර අභියසදී පැවැත්වෙන ජාතික දින සැමරුම් උත්සවය වෙනුවෙන් ත‍්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 258 ක් සහ සෙසු නිලයන් 5637 ක් සහභාගි වනවා.

ඒ අනුව යුද හමුදාවේ නිලධාරීන් 162ක්, සෙසු නිලයන් 3710 ක්, නාවික හමුදාවේ නිලධාරීන් 47ක් සහ සෙසු නිලයන් 1044 ක්, ගුවන් හමුදාවේ නිලධාරීන් 49 ක්, සෙසු නිලයන් 883 ක් සහභාගි වීමට නියමිතයි.

යුද හමුදා සන්නාහ සන්නද්ධ රථ 57 ක් මෙවර පෙළපාලියට එක් කර තිබෙන අතර ත‍්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් පැරෂුට් සංදර්ශන, නාවික නෞකා සහ ගුවන් යානා ඇතුළු සංදර්ශන අවස්ථාවන් රැසක් ද ජාතික දින සැමරුම් උළෙල විචිත‍්‍රවත් කිරීමට එක්කර තිබෙනවා.

මේ අතර පොලිසිය නියෝජනය කරමින් 920 ක් පෙළපාලිය සඳහා සහභාගි වනවා.