ත්‍රස්තයින් පුහුණුවීම් කළ ස්ථාන 7 ක් සොයාගැනේ.

0
146

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ත්‍රස්තයින් පුහුණුවීම් සහ වැඩමුළු පැවැත් වූ ස්ථාන 7ක තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවා.

වනාතවිල්ලුව,හම්බන්තොට,නුවරඑළිය,නුවර අලුත්පොල,මල්වාන,කාත්තන්කුඩි හා වාලච්චේන ප්‍රදේශවල එම ස්ථාන පිහිටා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here