ඉන්ධන මිල සංශෝධනය අද

    0
    112

    ඉන්ධන මිල සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    මාසිකව සිදු කරන ඉන්ධන මිල සූත‍්‍රයට අනුව ඉදිරි මාසය සඳහා වන ඉන්ධන මිල ගණන් මෙතෙක් ප‍්‍රකාශයට පත් කෙරුණේ සෑම මසකම 10 වැනිදායි. එහෙත් ඊයේ නිවාඩු දිනයක් වූ බැවින් ඉන්ධන මිල සම්බන්ධයෙන් තීරණයක් ගන්නා මිල සූත‍්‍ර කමිටුව ඊයේ රැස් වී තිබුණේ නැහැ.

    ඒ අනුව එළඹෙන මාසයට අදාළ නව ඉන්ධන මිල ගණන් අද දිනයේ දී ප‍්‍රකාශයට පත් කරනු ඇති. එහිදී ලෝක වෙළඳපොලේ මේ වනවිට බොරතෙල් බැරලයක මිල ගණන් ද සැලකිල්ලට ගනු ඇති බවයි මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ.

    ඉකුත් පෙබරවාරී මාසයේ දී මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිල ඉහළ ගියා. ඒ, ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 06කින් ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 05කින්, ඞීසල් ලීටරයක් රුපියල් 04කින් සහ සුපිරි ඞීසල් ලීටරයක් රුපියල් 08කින්.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here