> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# වැසි සහිත කාලගුණය හේතුවෙන් දෙහිඕවිට අධ්‍යාපන කලාපයට අයත් පාසල් 06ක් වසා දැමේ
- URL: https://www.citizen.lk/6-schools-in-the-dehiowita-education-zone-closed-due-to-rainy-weather/
- Published: 2026-05-22T05:16:10.000Z
- Updated: 2026-05-22T05:16:10.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දෙස්

May 22 (Citizen News) - වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දෙහිඕවිට අධ්‍යාපන කලාපයට අයත් පාසල් 06ක් අද (22) දිනයේ වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේ පාසල් 03ක් සහ දෙහිඕවිට ප්‍රදේශයේ පාසල් 03ක් වසා දමා ළමුන් නිවෙස් වෙත යොමු කිරීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් විදුහල්පතිවරුන් වෙත දැනුම් දී ඇති බව සඳහන්ය.

පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෙසු පාසල් පවත්වාගෙන යාම හෝ නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ වගකීම කලාපයේ පාසල් වල විදුහල්පතිවරුන් වෙත පවරා ඇති බව දෙහිඕවිට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.එල් හරිස්චන්ද්‍ර සඳහන් කරනවා.