සහරාන් සමඟ සම්බන්ධතා පැවැත්වූ 5කට විදෙස් ගමන් තහනම්

සහරාන් ඇතුළු මරාගෙන මැරුණු බෝම්බකරුවන් සමඟ වක්‍රාකාරව දුරකථන සම්බන්ධතා පැවැත් වූ බව කියන ව්‍යාපාරිකයින් පස් දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (02) නියෝගයක් නිකුත් කළා.

මොවුන් නිතර නිතර විදෙස් ගත වන අයවලුන් බවත් මෙම විමර්ශනයට අදාළව මොවුන්ගෙන් ප‍්‍රකාශ සටහන් කර ගත යුතු බවත් සඳහන් කර ඇති අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 124 වගන්තිය ප්‍රකාරව මොවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න