නීති විරෝධීව නවසීලන්තයට පනින්න හදපු 41 ක් අල්ලයි. (PHOTOS)

හලාවත ප්‍රදේශයේ සිටි නීතිවිරෝධී ලෙස බහුදින යාත්‍රාවකින් නවසීලන්තය බලායමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද 41දෙනා අද (25) ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුර වෙත රැගෙන ආවා.

මෙම පිරිසට පිරිමින් 32දෙනෙකු, කාන්තාවන් 04 දෙනෙකු සහ දරුවන් 5 දෙනෙකු අයත් වෙනවා.

ගාල්ලේ සිට නාවික සැතපුම් 365ක් ඈත මුහුදේදි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නන්දිමිත්‍ර නෞකාවෙන් ගාල්ල නාවික හමුදා කඳවුර රැගෙන ආවා.

ඔවුන්ගේ ප්‍රකාශ සටහන්කර ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරාය පොලිසියට බාරදීමට නියමිතයි.