සහරාන්ගේ ලැප් එකේ තිබූ ත්‍රස්ත ලැයිස්තුවෙන් 40ක් කොටුවෙයි.

0
771

පසුගියදා නුවරඑළියේ බ්ලැක්පූල්හි පිහිටි සහරාන්ගේ පුහුණු මධ්‍යස්ථානයෙන් හමු වූ ලැප්ටොප් පරිගණකයෙන් සොයාගත් අයි.එස්. සංවිධානයේ මෙරට ජාලයට සම්බන්ධ පුද්ගල නම් ලැයිස්තුවෙන් 40 කට ආසන්න පිරිසක් ඊයේ (13) වන විට අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්වී ඇති බව වාර්තා වෙනවා.

ඒ අයගෙන් වැඩි දෙනෙක් කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද හෙළිවී තිබෙනවා.

අයි.එස් සංවිධානයට සම්බන්ධ ව්‍යාපාරිකයන් දෙදෙනෙක් බිබිලෙන් අත්අඩංගුවට ගෙන ඇති බවද ඔවුන් දෙදෙනාම කාත්තන්කුඩියේ පදිංචිකරුවෝ වන බවද වාර්තා වෙනවා.

ලැප් ටොප් පරිගණකයෙන් සොයා ගත් අයි.එස්. ලැයිස්තුවේ සඳහන් සියළුම නම් ගණන 60 ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here