ත්‍රස්ත චෝදනා මත ලාංකිකයන් 4ක් බ්‍රිතානයේ දී අත්අඩංගුවට

තහනම් සංවිධානයක සාමාජිකයින් බවට සදහන් කරන ශ්‍රි ලාංකිකයින් සිව්දෙනෙක් බ්‍රිතාන්‍යයේ ලුටන් ගුවන් තොටුපලේදි අත් අඩංගුවට ගැනිමට එරට ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරින් සමත්ව තිබෙනවා.

මෙම පිරිස ලුටන් ගුවන්තොටුපලේදි අත් අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය සෙනසුරාදා සහ ඉරිදා බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

එලෙස අත් අඩංගුවට ගනු ලැබු පිරිස අතර පිරිමින් තිදෙනෙක් සහ කාන්තාවක් ද වන බව එරට පොලිසිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අත් අඩංගුවට පත් කාන්තාව පමණක් දැනට ඇප මත මුදා හැර ඇති අතර අවුරුදු 35, 39 සහ 41 යන වියේ පසුවන පිරිමි පුද්ගලයින් තිදෙනා ගෙන මේ වන විටත් රදවා ගෙන ප්‍රශ්න කරමින් සිටින බව බ්‍රිතාන්‍ය ත්‍රස්ත විමර්ශන ඒකකය සදහන් කර සිටියි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න