බ්‍රිතාන්‍යයේ ට්‍රක් රථයක් තුල මියගොස් සිට හමුවූ සිරුරු 39ම හඳුනාගැනේ.

පසුගිය දා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ආසන්නයේ ට්‍රක් රථයක් තුල මියගොස් සිට හමුවූ පුද්ගලයන් 39 දෙනා හඳුනාගෙන තිබෙනවා. ඔවුන් මුලදී චීන ජාතිකයන් ලෙස විශ්වාස කෙරුණත් මේ වන විට හෙළිව ඇත්තේ ඔවුන් වියට්නාම ජාතිකයන් බවයි.

ඔවුන් සියලුදෙනාම හඳුනාගැනීමට හැකිව ඇති බව බලධාරීන් පවසනවා. බ්‍රිතාන්‍යයේ වියට්නාම දූත මණ්ඩලය සහ චීන දූත මණ්ඩලය මෙම සිද්ධියේ දී බ්‍රිතාන්‍ය බලධාරීන් සමඟ හොඳ සහයෝගයකින් යුතුව කටයුතු කර තිබුණා. මන්ද මුලදී චීන ජාතිකයන් ලෙස ඔවුන්ව හඳුවාගෙන තිබීම හේතුවෙනි. මේ වන විට සිද්ධියට් සම්බන්ධ අයිරිෂ් ජාතිකයන් සහ වියට්නාම ජාතිකයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා.

ට්‍රක් රථය පදවාගෙන ආ අයිරිෂ් ජාතික තරුණයා මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න