දෙවැනි විස්සයි විස්ස තරඟයේ නවසීලන්තයට කඩුළු 5ක ජයක්

ශ්‍රී ලංකා පිලේ දුර්වල පන්දු රැකීම හමුවේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති දෙවන විස්සයි විස්ස තරඟයෙන්ද ජය ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද සමත් වුනා. එම ජයග්‍රහණයත් සමඟ තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායමට හැකි වුනා.
අවසන් පන්දු වාරයේ හතරෙ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් හා ෂෙහාන් ජයසුරිය එකිනෙකා ගැටීමෙන් තුවාල ලබා තිබෙනවා. මෙම ක්‍රීඩකයින් දෙදෙනාම පසු ගිය දිනෙක ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මෝටර් බයිසිකලයකින් වැටී සුලු තුවාල සිදුවුනා.
02 වන 20/20 තරගයෙන් නවසීලන්තයට කඩුළු 4ක ජයක්. 2-0 ලෙස තරගාවලි ජයත් හිමිවෙයි. ශ්‍රී ලංකාව:161/9(20), නවසීලන්තය:165/6(19.4)