> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# හෝමාගම, කොට්ටාව ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට අද පැය 24 ජල කප්පාදුවක්
- URL: https://www.citizen.lk/24-hour-water-cut-to-several-areas-including-homagama-kottawa-today/
- Published: 2026-06-24T05:03:24.000Z
- Updated: 2026-06-24T05:03:24.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දෙස්, පුවත්

June 24 (Citizen News) - පාදුක්ක, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය හා පැලැන්වත්ත යන ප්‍රදේශ සඳහා අද (24) පැය 24ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

ඒ අනුව, අද රාත්‍රී 8 සිට හෙට (25) රාත්‍රී 8 දක්වා වූ කාලය තුළ මෙම ජල කප්පාදුව සිදුකිරීමට නියමිතය.

මහරගම ප්‍රදේශයට ජලය අඩු පීඩනය යටතේ සැපයෙන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

කලටුවාව සිට බොරලැස්ගමුව දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් මාර්ගය ආශ්‍රිතව සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදුකරනු ඇත.