2009 දී පාකිස්ථානයේදී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය

යළි මතක් කරන්නේ බියගැන්වීමට නොව අපේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාවටයි

මෑත ඉතිහාසයේ ප්‍රථම වරට ක්‍රීඩා කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ල වූයේ 1972 වසරේ ජර්මනියේ මියුනික් ඔලිම්පික් තරඟාවලියේ දී ඊශ්‍රායෙල් ක්‍රීඩා කණ්ඩායම ප්‍රාණ ඇපයට ගෙන ඝාතනය කළ ත්‍රස්තවාදී ප්‍රහාරයයි.

ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායමක් ප්‍රථම වරට ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වූ යේ මීට වසර 10කට පෙර පාකිස්තානයේ ලාහෝර් නුවරදී ය. එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රොකට් ලෝන්චර් අත්බෝම්බ සහ ගිනි අවි සහිත ත්‍රස්තවාදීන් ගේ ඉලක්කයක් විය.

2009 වසරේ මාර්තු මස 3 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ ලාහොර් නුවරට ගොස් සිටියහ. එය තවත් එක් ටෙස්ට් ක්‍රිකට් තරගයක තුන් වන දිනය විය. උදෑසන 9.00ට පමණ ශ්‍රී ලංකා කණ්ඩායම රැගත් බස් රථය ගඩාෆි ක්‍රීඩාංගණය පරිශ්‍රයට පරිශ්‍රයට ඇතුල් කරන්නට විය. එහිදී ඒ ඉදිරිපිටදී තුවක්කුකරුවන් 12 දෙනෙක් ඔවුන්ට වෙඩි තබන්නට වූහ.

ක්‍රීඩා කණ්ඩායමට පෙරමුණේ ගමන් කළ පොලිස් නිලධාරීන් 6 දෙනෙක් සහ රියැදුරෙක් එම වෙඩි තැබීම්වලින් ජීවිතක්ෂයට පත් වූහ.

මේ වන විට එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු ලෙස ක්‍රියා කරන ට්‍රෙවර් බේලිස් සහ ඔහුගේ සහයක පෝල් ෆාබ්‍රේස් එවකට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සේවය කළ අතර ඔවුන් දෙදෙනා ම ශ්‍රී ලංකා කණ්ඩායම සිටි බස් රථයේ සිටියහ.

කෙසේ වෙතත් තිලකරත්න දිල්ෂාන් හා බසයේ රියදුරැ සමඟ එක්වී බසය ක්‍රීඩාංගණය තුලට ඇතුල් කරගැනීමට සමත්විය. පසුව වහාම ක්‍රීඩා කණ්ඩායම ආරක්‍ෂිත කර ගැනීමට පකිස්ථාන බලධාරීන් කටයුතු කළහ. පසුව ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර ද ලබා දීමට සිදු විය.

මෙම අත්දැකීමත් සමඟ පකිස්ථානයේ ආරක්ෂාව පිළිබඳ බොහෝ රටවල් සැක පහල කරන්නට විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම පසුව නැවත පාකිස්ථානයේ සංචාරය කරමින් රටක් ලෙස ඔවුන්ට උපකාරී වන්නට කටයුතු කළහ.

කෙසේ වෙතත් පාස්කු දින ප්‍රහාරය සමඟ තදින් ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන් ක්‍රියාත්මක රටක සංචාරය කිරීම පිළිබඳ ආරක්ෂක විමසුමක් කිරීම අනිවාර්ය වේ.

ඒ අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්ථානයේ දී එල්ලවිය හැකි ත්‍රස්ත ප්‍රහාරයක් ගැන අගමැති කාර්යාලය හරහා බුද්ධි අංශ අනාවරණයක් සිදු වූ බව වාර්තා වීමෙන් අනතුරුව සැබවින්ම අප පාකිස්ථාන සංචාරය ගැන දෙවරක් සිතා බැලිය යුතුය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආරක්ෂාව සැපයීමට හැකි බව පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය සහතික වෙයි.

රටක් ලෙස ගැටළුකාරී අවස්ථාවක පාකිස්ථානය තනි කිරීම සුදුසු නොවේ. මන්ද ලංකාවට පසුගිය යුධ සමයේ බොහෝ අසරණ වූ අවස්ථා වල වටිනාකමට වඩා අගයෙන් යුතු කුඩා මල්ටි බැරල් වැනි උපකරණ ලබා දෙමින් පාකිස්ථානය බොහෝ උපකාර කර ඇත.

එබැවින් පාකිස්ථානය සමඟ හොඳ හිත පළුදු කර නොගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කරගැනීම ඉතා වැදගත් වේ.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න