ශ්‍රී ලංකා පකිස්ථාන 20යි 20 තරඟාවලිය අද ඇරඹේ

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතර තරග 03 කින් සමන්විත සීමිත පන්දුවාර 20 යි 20 කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා. ඒ, ලාහෝර්හි ගඩාෆි කී‍්‍රඩාංගනයේදීයි. 

මෙම තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩාය‌මේ නායකත්වය ලැබී ඇත්තේ තුන් ඉරියව් කී‍්‍රඩක දසුන් ශානකටයි. 

දනුෂ්ක ගුණතිලක, ශෙහාන් ජයසූරිය, මිනෝද් භානුක, අවිශ්ක ප‍්‍රනාන්දු ඇතුළු යොවුන් කී‍්‍රඩකයන් රැසක් ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා. 

ශී‍්‍ර ලංකා වේලාවෙන් රාතී‍්‍ර 7 ට පමණ මෙම තරගය ආරම්භවීමට නියමිතයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න