20 හැවිරිදි තරුණිය ඝාතනය කළ 18 හැවිරිදි සැකකරු රිමාන්ඩ්

0
213

බලන්ගොඩ නවනැලිය ප්‍රදේශයේ දී 20 හැවිරිදි තරුණියක් තම නිවසේ දී ඝාතනය කිරීමට අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

නිවස අතුගාමින් සිටින අතර තුර මෙම තරුණිය පසුගිය පෙබරවාරී මස 11 වන දා නිවසින් අතුරුදන්ව තිබුණි. එම අවස්ථාවේ පියා රැකියාවට ගොස් සිටි අතර, මව බැංකුවට ගොස් ඇත. එකම නැගණිය පාසල් ගොස් සිට ඇති බව ද වාර්තා වෙයි.

මව නිවසට පැමිණෙන විට ගේ අතුගාමින් සිටි දියණිය අතුරුදන් වී ඇති බැවින් කල්තොට පොලීසියට පැමිණිලි කර තිබේ. පෙබරවාරී 12 වන දින ඥාතීන් ප්‍රදේශවාසීන් එක්ව ගේ අවට ඇති ළඳු කැළෑව සෝදිසි කර තිබේ. එහිදී නිවසේ සිට මීටර් 500ක් පමණ කැළෑබඳ ප්‍රදේශයේ නවනැලිය ඔයේ තිබී අතුරුදන් වු තරුණියගේ සිරුර හමු වී ඇත. පොලිස් මුලික පරීක්ෂාවලදී හෙලි වී ඇත්තේ මෙය මනුෂ්‍ය ඝාතනයක් බවයි.

ඊයේ(13) ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණය බලංගොඩ මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එල්.කේ.සී.ඩී.ආරියරත්න මහතා සිදු කළ අතර, එහිදී ඔහු වාර්තා කර තිබුණේ එය ගෙල සිර කිරීමෙන් සිදු කර ඇති බවයි. ඒ අනුව කල්තොට පොලීසිය විසින් මෙම ඝාතනයට සම්බන්ධ යැයි සැක කෙරෙන සැකකරුවන් දෙදෙනෙක් ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගෙන බලංගොඩ මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර, සැකකරුවන්ගෙන් ප්‍රශ්න කර තිබේ.

එහිදී සැකකරුවන්ගෙන් එක් අයෙක් පවසා ඇත්තේ තම ඥාති සහෝදරියගේ ගෙළ මිරිකා ඝාතනය කළ බවයි. ඒ අනුව අත්අඩංගුවට එක් සැකකරු පොලිස් ඇප මත අද දින මුදා හැර තිබේ.ඝාතනය සිදු කළ සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරී මස 26 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඝාතනය සිදු කර ඇත්තේ වයස අවුරුදු 18 ක් වු තරුණයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here