ඉතාලි මැතිවරණයකට තරඟ කරන 19 හැවිරිදි ලාංකික තරුණිය.

0
181

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා ෆිරෙන්සි නගරසභාවේ සහ කොට්ඨාශවල පවත්වන ඡන්දයට ෆිරෙන්සි 4 වැනි කොට්ඨාශයෙන් තරඟ කිරීමට නියමිතයි.

හංසිකා ඉතාලියට ගොස් ඇත්තේ මාපියන් සමඟ වයස අවුරුදු දෙකේදීය.

හංසිකා,ෆිරෙන්සි සීජීඅයිඑල් ෆිල්කැම්ස් ආයතනයේ වත්මන් අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රධානියා ලෙසත් කටයුතු කරන සිංහාර මුදලිගේ සමන් පෙරේරා මහතාගේ වැඩිමල් දියණියයි. සමන් පෙරේරා මහතා කම්කරු නීති උපදේශකවරයකු පමණක් නොව සමාජ සේවකයෙක්.

සමන් පෙරේරා මහතා 2003 දීත්, 2009 දීත් මහ නගරසභාව වෙනුවෙන් තරඟ කර මහ නගරසභාවට තේරී පත් වුණු අයෙක්.

හංසිකා පෙරේරා, මේ වනවිට ස්නැව්ඩිච්චි රසල් නිව්ටන් විද්‍යා අංශයෙන් උසස් පෙළ අවසන් වසරේ ඉගෙනුම ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here