බැංකු සේවක සංගම් 19ක් වර්ජනයකට සැරසෙයි.

විශ‍්‍රාම වැටුප් ගැටලු හා සේවක සුභසාධන ප‍්‍රතිලාභ මත බදු අයකිරීම යන ගැටලු මුල් කරගනිමින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු සේවක සංගම් 19ක සහභාගීත්වයෙන් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ලංකා බැංකු සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා කොළඹදී සඳහන් කළා.

තම ගැටලු සම්බන්ධයෙන් අවස්ථා ගණනකදී ලිඛිතව සහ වාචිකව මුදල් අමාත්‍යාංශය දැනුවත් කළද මෙතෙක් ඒ සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන් වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවද කියා සිටියා.

මරදාන පන්සල පාර පිහිටි ලංකා බැකු සේවක සංගම් කාර්යාලයේ අද(17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රන්ජන් සේනානායක මහතා මේ බව පැවසුවා.

රාජ්‍ය බැංකුවලට 1996න් පසු බැදුණු සේවකයන්ට ස්ථාපිත කර ඇති විශ‍්‍රාම වැටුප් ක‍්‍රමවේදයන්හි පවතින ගැටලු සහ නව අදායම් පනත මගින් සේවක සුභ සාධන ප‍්‍රතිලාභ මත උපයනවිට ගෙවීම් බදු පැනවීමට එරෙහිව මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගවල නිරත වන බවත් ඔහු එහිදී සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් ලබන 20 වනදා මුදල් අමාත්‍යංශය සමඟ අවසන් සාකච්ඡා පවත්වන බව පැවසූ ඒ මහතා එහිදී විසඳුමක් නොලදහොත් අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා සිය වෘත්තිය ක‍්‍රියාමාර්ග මෙහෙයවන බව පැවසුවා.

මෙම අවස්ථාවට ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක මහතා, රජයේ සහ පෞද්ගලික බැංකු සේවක නියෝජිතවරු ඇතුලූ පිරිසක් එක්වුණා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න