බැටික්ලෝ කැම්පස් එකට සෞදියේ තහනම් සංවිධානයකින් කෝටි 1,757ක්.

මඩකලපුව,පුනානි ප්‍රදේශයේ ඉදිකරගෙන යන නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට අයත් යැයි කියන “බැටික්ලෝ කැම්පස් පුද්ගලික සමාගම” නමැති විශ්වවිද්‍යාලය සඳහා සෞදි අරාබියේ තහනම් සංවිධානයකින් රුපියල් කෝටි 1,757කට (අමෙරිකානු ඩොලර් මිලියන 100කට) අධික මුදලක් මෙරට රාජ්‍ය බැංකුවකට එවා ඇතැයි කියන සිද්ධියට අදාළව පරීක්ෂණයක් ආරම්භ කළ බව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට ඊයේ (18) දැනුම් දුන්නා.

අංක 10/18, ලේක් ඩ්‍රයිව්, කොළඹ 08 ලිපිනයේ පවත්වාගෙන යන ශ්‍රී ලංකා හීරා පදනම සහ බැටිකලෝ කැම්පස් කොලේජ් පුද්ගලික සමාගම සඳහා සෞදි රාජ්‍යයේ තහනම් සංවිධානයක් විසින් ලබාදී ඇති මෙම මුදල් වල නීත්‍යානුකූලභාවය හා එම මුදල් එම විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා යොදාගත්තා ද නොඑසේ නම් ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා යොදවා ගත්තේද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන බව ද මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණට දන්වා තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මඩකළපුව පොලිස් අධිකාරී කාර්යාලයට ඉකුත් ජුනි 12 වනදා සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිස්පතිවරයා තම කොට්ඨාසයට එම විමර්ශනය යොමු කරනු ලැබූ බවයි මෙහිදී මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න