> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# 2026 වසරේ මුල් දින 15 තුළ සංචාරකයින් 131,898 ක් දිවයිනට
- URL: https://www.citizen.lk/131-898-tourists-visited-the-island-in-the-first-15-days-of-2026/
- Published: 2026-01-20T08:23:12.000Z
- Updated: 2026-01-20T08:23:11.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දෙස්

2026 වසරේ ගත වූ පළමු දින 15 තුළ 131,898 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

ඒ අනුව, ජනවාරි 12 වන දා වන විට මෙම වසරේ සංචාරක පැමිණීම 100,000 සීමාව ඉක්මවීමට සමත් වී ඇති බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.

ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය යන රටවලින් වැඩි ම සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

![](https://www.citizen.lk/content/images/2026/01/image.png)

![](https://www.citizen.lk/content/images/2026/01/image-1.png)

![](https://www.citizen.lk/content/images/2026/01/image-2.png)