> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# 2025 දී මෙරටින් ලාදුරු රෝගීන් 1282 ක්
- URL: https://www.citizen.lk/1282-leprosy-patients-in-the-country-in-2025/
- Published: 2026-01-22T10:51:28.000Z
- Updated: 2026-01-22T10:51:28.000Z
- Author: Deepali Jayasundara
- Tags: පුවත්, දේශපාලන

January 22 (Citizen.lk News) - 2025 වසරේදී මෙරටින් ලාදුරු රෝගීන් 1,282 දෙනෙකු වාර්තා වී ඇති බව, ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ, වෛද්‍ය යසෝමා වීරසේකර සඳහන් කරනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඇය සඳහන් කළේ, ඒ අතරින් 10% ක් පමණ, එනම් රෝගීන් 123 ක් වයස අවුරුදු 15 ට අඩු පාසල් දරුවන් බවයි.

එසේම, නව රෝගීන් වාර්තා වන විටත් එයින් 8% ක් පමණ ආබාධිත තත්ත්වයට ලක්ව අවසන් බව ද වෛද්‍යවරිය ප්‍රකාශ කර සිටියා.

රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට රජයේ රෝහල්වල නොමිලේ ප්‍රතිකාර ක්‍රම සියල්ල ස්ථාපිත කර ඇති බවත්, රෝගීන් රජයේ රෝහල්වලට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් වෙත යොමු වීමේ ගැටලුවක් ඇති බවයි විශේෂඥ වෛද්‍ය යසෝමා වීරසේකර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.