ලක්ෂ 10ක පාරිභෝගිකයන් පිරිසකට විදුලි සැපයුම අත්හිටුවයි

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්ත ප්‍රදේශ රැසකට විදුලි සැපයුම අත්හිටුව තිබෙනවා. ලැව් ගිනි පැතිර යාමේ අවදානමක් හේතුවෙන් මෙලෙස නිවාස, කාර්යාල සහ සියලු ආකාරයේ විදුලි පාරිභෝගිකයන් මිලියනයක පමණ ප්‍රමාණයක් සඳහා විදුලි සැපයුම අත්හිටුවා තිබෙනවා.

පසුගිය වසරේ ද පුද්ගලයන් 86 දෙනෙකුට මරු කැඳවමින් සහ අක්කර 150,000ක් ගිනිබත් කරමින් උතුරු කැලිෆෝනියා ප්‍රදේශයේ ලැව් ගිනි පැතිර ගියා.

මේ ලැව් ගිනි හේතුවෙන් සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතිනවා. කෙසේ වෙතත් පසුගිය වසර දෙකෙහිම මෙම ලැව් ගිනි වලට නිසි පියවර නොගත්තේ යයි එම ප්‍රදේශයට විදුලිය, ගෑස් සහ ඉන්ධන සපයන එකම සමාගමට චෝදනා එල්ලවී පවතිනවා. ඒ අනුව ඔවුන් විසින් මෙම වසරේ දී ලැව් ගිනි සහ ඇතිවිය හැකි ආපදා තත්වයන් වලට විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න