ෆේස් බුක් , මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් බිඳ වැටෙයි

0
202

ලොව ජනප්‍රිම සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් ජාලය හා ඒ හා සබැඳි මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ වෙබ් අඩවි මේ වන විට අඩාල වී ඇති බව වාර්තා වෙනවා. මෙම සමාජ වෙබ් අඩවි ජාලාවන් හදිසි අකර්ම වීමට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා ෆේස්බුක් සමාගම විසින් නිළ දැනුම් දීමක් සිදුකර නොමැත.

මෙම තත්ත්වය වැඩි වශයෙන් වාර්තා වන්නේ අමෙරිකාව, යුරෝපය, දකුණු අමෙරිකාව, මැදපෙරදිග සහ ආසියාවේ ඇතැම් රටවල් වලින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. වෙබ් අඩවි වලට අමතරව පාරිභෝගිකයින්ගේ ජංගම දුරකථන ඇප් (App) හරහාද මෙම සේවාවන් භාවිත කිරීමට නොහැකිව ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට ශ්‍රී ලංකාව තුලද මෙම සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි භාවිත කිරීමට යම් බාධා මතුවී ඇති බව වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here