ෆේස්බුක් එකෙන් ‘පිං මන්ත්‍රි’ කීව තරහට එජාප මන්ත්‍රී පුද්ගලයෙකුට දරුණු ලෙස පහර දීලා – පොලීසියට පැමිණිල්ලක්

0
147

ෆේස්බුක් සමාජ ජාලය හරහා පිං මන්ත්‍රි ලෙස සඳහන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකු පුද්ගලයෙකුට පහරදුන් බව කියන සිද්ධියක් වාර්තා වෙනවා දඹුල්ල සීගිරිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයෙකු වන ප්‍රියරංජන කුමාර සීගිරිය පොලිස් ස්ථානය තුලදී මෙම පුද්ගලයාට පහරදී බරපතළ තුවාල සිදු කොට තිබෙන බවයි පැවසෙන්නේ.

පසුව සැකකාර මන්ත්‍රිවරයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි සීගිරිය පොලිසිය පවසන්නේ.

මෙසේ සීගිරිය පොලිස් ස්ථානය තුළ දී පහරකෑමට ලක්වූ බව කියන පුද්ගලයා සිගිරිය 4 කනුව ප්‍රදේශයේ පදිංචි එච් .එම්. එමිල් ප්‍රසන්න නැමති අයෙකු බවත් ඔහු තුවාල ලබා පොළොන්නරුව මහරෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය සඳහන් කළා.

පසුගිය 17 වැනි දින පැමිණිල්ලක් කිරීම සඳහා පොලීසියට පැමිණ සිටි තමා හට පොලිස් ස්ථානය තුළදීම ඉතා අමානුෂික ලෙස පහරදුන් බවත් පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන එමිල් ප්‍රසන්න පොලිසියට පැමිණිළි කොට තිබෙනවා.

මේ පිළිබඳව සීගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් විමසීමේ දී කියා සිටියේ එවැනි පහර දීමේ සිද්ධියක් පිළිබඳව පැමිණිලි ලැබී තිබෙන බවයි.

පහරදුන් බවට සැකකරන මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා ගිය ද මන්ත්‍රිවරයා මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි සීගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළා.

පහරකෑමට ලක්ව තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන එමිල් ප්‍රසන්න කියා සිටියේ තමන් ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාට එරෙහිව පැමිණිල්ලක් ගොනු කිරීම සඳහා සීගිරිය පොලිසියට ගිය අවස්ථාවේ පොලිස් ස්ථානය ඇතුළට පැමිණි මන්ත්‍රිවරයා තමාට පහර දුන් බවයි. ඒ හේතුවෙන් තමාගේ මුඛයේ දත් කිහිපයක් කැඩී ගිය බවත් හෙතෙම සඳහන් කළා.

මේ පිළිබඳව පොලිසියට පැමිණිළි කර තිබෙන බවත් මෙතෙක් පැමිණිල්ල විභාගයක් සිදු නොවන බවද ඔහු කියා සිටියා.

පහරදුන් බව කියන දඹුල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත්තේ අදාළ එමිල් ප්‍රසන්න නැමති පුද්ගලයා ෆේස්බුක් හරහා තමන්ට විවිධ අපහාස සිදු කරමින් සිටින බවයි.

තමා පිං මන්ත්‍රිවරයකු ලෙස හඳුන්වමින් ඔහු විවිධ ප්‍රචාරණයන් ෆේස්බුක් සමාජ ජාලය හරහා සිදුකරන බවත් ඒ අනුව එය නොකරන ලෙස තමන් ඔහුට දුරකථනයෙන් බැණ වැදුණු බවත් සඳහන් කර තිබෙනවා.

තමන් පැමිණිල්ලක් කිරීම සඳහා පොලීසියට ගිය අවස්ථාවේ එමිල් ප්‍රසන්න නැමැත්තාද පැමිණ සිටි බවත් එහිදී ඔහු තමාට පහර දෙන්නට සූදානම් වූ අවස්ථාවේ තමන් ඔහුව තල්ලු කිරීමෙන් ඔහු ඇදවැටුණු බවත් සඳහන් කර තිබෙනවා.

ඔහු වෙත දුරකතන ඇමතුමක් ලබා ගත් අවස්ථාවේදී ඔහු සඳහන් කළේ තමන් පොලිසිය මඟ හරිමින් නොසිටින බවත් මේ වන විට සංචාරක කර්මාන්තයේ රැකියාවක් කරන තමා විදේශිකයන් දෙදෙනෙකු සමඟ ප්‍රදේශයෙන් පිට රැඳී සිටින බවයි. ඒ පිළිබඳව තමන් සීගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් දැනුම් දුන් බව ද කියා සිටියා.

සීගිරිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්. එම් .එස් .රත්නායක කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් අද (21) දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here