හොඳම නිළිය – ආලියා භාත් – හොඳම නළුවා රන්බීර් කපූර් – බොලිවුඩයේ සුපිරි තරු පෑයු ෆිල්ම්ෆේයා සම්මාන රාත්‍රිය – Photos

0
199

64 වැනි ෆිල්ම්ෆෙයා සම්මාන රාත්‍රිය පසුගිය 23 වන දා අති උත්කර්ෂවත් අයුරින් ඉන්දියාවේ මුම්බායි නුවර දී පැවැත්වුණා.
මෙවර වැඩි සම්මාන ප්‍රමාණයක් තමන් සතු කරගැනීමට සමත්කම් ලැබුවේ ආලියා භාත් රංගන දායකත්වය සැපයු “රාසි” සිනමාපටය යි.

ලොව පුරා කතා බහකට ලක් වූ ජනප්‍රිය නළු සංජය දත්ගේ ජීවිත කතාව පාදක කරගෙන නිර්මාණය වූ ” සංජු ” චිත්‍රපයේ ප්‍රධාන චරිතය වන සංජු චරිතයට දායක වූ ජනප්‍රිය බොලිවුඩ් රන්බීර් කපුර් වසරේ හොඳම රංගන ශිල්පියා ලෙස සම්මාන‍යට පාත්‍ර විය. සුපිරි බොලිවුඩ් නළු නිළියන් රැසක් සහභාගී වූ ෆිල්ම්ෆේයා සම්මාන උළෙලේ සම්මාන බෙදී ගියේ මෙලෙසින්ය…

හොඳම රංගන ශිල්පියා(ජනප්‍රිය සම්මාන) : රන්බීර් කපූර් -සංජු

හොඳම රංගන ශිල්පිනිය(ජනප්‍රිය සම්මාන) : ආලියා භාත් – රාසි

හොඳම රංගන ශිල්පියා(විචාර සම්මාන) : රන්විර් සිං – පද්මාවත්, අයුශ්මාන් කුරානා – අන්ධාධුන්

හොඳම රංගන ශිල්පිනිය(විචාර සම්මාන) : නේනා ගුප්තා – බධායි හෝ

හොඳම අධ්‍යක්ෂණය : මේග්‍නා ගුල්සාර් – රාසි

හොඳම සිනමාපටය(ජනප්‍රිය සම්මාන) : රාසි

හොඳම සිනමාපටය(විචාර සම්මාන) : ශ්‍රී රාම් රාගවන් – අන්ධාධුන්

හොඳම සහාය රංගන ශිල්පියා : ගජ්රාජ් රාඕ – බධායි හෝ, විකී කෞෂාල් – සංජු

හොඳම සහාය රංගන ශිල්පිනිය : සුරේකා සික්රි – බධායි හෝ

හොඳම දෙබස් රචනය : අක්ශාත් ගිල්දියාල් – බධායි හෝ

හොඳම තිර රචනය : ශ්‍රී රාම් රාඝවන්, අර්ජිත් බිස්වාස්, පුජා ලදා, යෝගේෂ් චන්දේකර්, හේමන්ත් රාඕ – අන්ධාධුන්

කුළුඳුල් රංගනය (පුරුෂ) :ඉශාන් කට්ටර් – බියොන්ඩ් ද ක්ලවුඩ්ස්

කුළුඳුල් රංගනය (කාන්තා) : සාරා අලි ඛාන් – කේදර්නාත්

කුළුඳුල් අධ්‍යක්ෂණය : අමර් කෞශික් – ස්ත්‍රී

හොඳම සංගීත ඇල්බමය : පද්මාවත් සිනමාපටය වෙනුවෙන් සංජය ලීලා බන්සාලි

හොඳම පද රචනය : ආයේ වටන් – ගුල්සාර්(රාසි)

හොඳම ගායනය (පුරුෂ) : අර්ජිත් සිං – ආයේ වටන් (රාසි)

හොඳම ගායනය (කාන්තා) : ශ්‍රේයා ඝෝශාල් ගූමර් (පද්මාවත්)

හොඳම කැමරාකරණය : පන්කජ් කුමාර් – තුම්බ්බද්

හොඳම සංස්කරණය : පුජා ලදා – අන්ධාධුන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here