හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙක් කටුනායකදී අල්ලයි

0
152

මෝටර් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මීගමුව කටුනායක මාර්ගයේ කටුනායක දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී හෙරොයින් සමඟ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එහිදී හෙරොයින් ග්‍රෑම් 100ක් පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් ලොන්සිනා හා කරදරයා යන අන්වර්ත නාමයන් වලින් හඳුන්වන මීගමුව සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇති බව සඳහන්ය.

ඔවුන් අද(14) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කටුනායක පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here