හෙට දිවයිනේ ප්‍රදේශ රැසකට උණුසුම වැඩිවෙයි

0
106

හෙට (07) දිනයේ උතුරු මැද, නැගෙනහිර පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින්නයැයි ජනතාව වෙත උපදෙස් ලබා දී ඇත.

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් මෙම නිවේදනය නිකුත් කර ඇති අතර ඉහත දිස්ත්‍රික්ක වල බොහෝ ස්ථාන වලට හෙට දිනයේ උණුසුම් කාළගුණය පිළිබඳව වැඩි අවධානයක් යෙමු කරන ලෙස නිවේදනය කර ඇත.

විශේෂයෙන් ජලය වැඩි වශයෙන් පානය කිරීමට හා සෙවණ සහිත ස්ථානවල ගැවසීමට ද ජනතාවට උපදෙස් ලබා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here