හිටපු ජනපති පුත් රෝහිත – ටටියානා සමගින් මැදමුලනදී යුග දිවියට – Photos

0
478

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ විවාහය අද දින පැවැත්වෙනවා. චිචි යන ආදර නාමයෙන් හදුන්වන රාජපක්ෂ පවුලේ බාල පුතු අතිනත ගන්නේ ඔහුගේ දීර්ඝකාලීන පෙම්වතිය ටටියානා සමඟයි

මෙම විවාහ උත්සවය පවත්වනනේ අනෙකුත් විවාහ උත්සව මෙන් තරුපන්තියේ සුපිරි හෝටලයක නොව වීරකැටිය ගම්මානයේ සිය මැදමුලන නිවසේදීය මෙම විවාහ උත්සවය ඉතා සරල ආකාරයෙන් පැවත්වීමට ඔවුන් තීරණය කර තිබීම විශේෂත්වයකි.

මේ විවාහයට සැපයෙන සියලූම ආහාර දේශීය ගැමි ආහාර වනවා. එම ආහාර සකසන්නේ අසල්වාසී පවුල් විසිනුයි.

අමුත්තන්ට පිළිගැන්වෙන පළමු පිළිගැනීමේ බීම වන්නේ රණවරා, දිවුල් යුෂ සහ බෙලිමල් ය. මැටි හට්ටි වල පිළිගැන්වෙන ආහාර ගමේ ආරයට සැකසුනු දේශීය ආහාර වීමත් විශේෂයකි. විවාහ උත්සවයට කිසිදු මස් වර්ගයක් භාවිතා නොකිරීමද රාජපක්ෂ පවුලේ ගත් සුවිශේෂි තීරණයකි.

විවාහ ඇරයුම්පතේ සිට මගුල් පෝරුවේ සැරසිලි දක්වා සියලූම දේ ඉතාම සරලව චාම්ව පරිසර හිතකාමීව සිදු කෙරෙන අතර රටටම ආදර්ශයක් සපයමින් රෝහිත – ටටියනා මෙලෙස යුගදිවයට එක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here