හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට ICC යෙන් දුෂණ චෝදනා

    හිටපු ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන දිල්හාර ලොකුහෙට්ට්ගේට එරෙහිව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය චෝදනා 3 ක් ගොණු කර තිබෙනවා. ඒ, අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විරෝධී රීති සංග‍්‍රහයේ වගන්ති 3 ක් යටතේයි.

    මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් ආයතනයද දිල්හාර ලොකුහෙට්ටිගේ වෙත මීට සමාන චෝදනා ගොණු කළා. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙවර චෝදනා ගොණුකර ඇත්තේ ඊට අමතරවයි. මෙම චෝදනා සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කිරිමට දිල්හාර ලොකුහෙට්ටිගේ වෙත දින 14 ක කාලයක් ලබාදී තිබෙනවා.