හැටන් – කොටගල රක්ෂිතයක ගින්නක් – Photos

0
453

පශු සම්පත් මණ්ඩලය යටතේ පාලනය වන හැටන් කොටගල රොසිටා ගොවිපලට අයත් රක්ෂිතයක අද (09) පස්වරුවේ ගින්නක් හට ගෙන ඇති බව දිඹුල පොලිසිය පවසයි.

අද පස්වරු 2 ට පමණ හට ගත් එම ගින්නෙන් එම රක්ෂිතයේ අක්කර 25 වැඩි භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.

වතු නිවාස පේලියකට ආසන්නයේ පිහිටි මෙම ගින්න සිඝ්රෙවයන් පැතිර යමින් පවති.

ගින්නෙන් අධි බලැති විදුලි රැහන් පද්ධතියකටද දැඩි බලපැමක් එල්ල වි ඇත.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වලට මේ දිනවල පවතින දැඩි වියලි කාලගුණයත් පවතින දැඩි සුලං තත්ත්වයත් හමුවේ ගින්න සීඝ්‍රයෙන් පැතිර යමින් පවති

කිසියම් පිරිසක් විසින් මෙම ඉලුක් සහිත රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව පොලිසිය සැකකරයි

ගින්න මැඩ පැවැත්විමට කටයුතු කරන ලෙසට පොලිසිය මගින් ගොවිපොල භාර නිලධාරින්ට දැනුම් දි ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here