හැටන් ඉලුක් සහිත ප්‍රදේශයක හදිස්සි ගින්නක්

0
23

හැටන් පොලිස් වසමට අයත් හැටන් ඩන්බාර් වත්තේ ඉලුක් සහිත ඉඩමක අද (12) පස්වරු ගින්නක් හට ගෙන ඇති බව හැටන් පොලීසිය පැවසිය.

එම වතු යායට අයත් ඉලුක් සහිත අක්කර 1000 කට ආසන්න ඉඩමේ අද දහවල් 12.30 ට පමණ මෙම ගින්න හටගෙන ඇත.

ප්‍රදේශයේ පවතින දැඩි වියලි කාලගුණයත් දැඩි සුලං තත්ත්වයත් හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් පැතිර යන අතර ගින්න මැඩ පැවැත්වීමට එම වතුයායේ වතු කම්කරුවන් දැඩි උත්සහයක නිරත විය.

ප්‍රදේශයේ පවතින දැඩි සුලං තත්ත්වය හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් පැතිර යන නිසා ගින්න නිවා දැමීමට වතු කම්කරු ගත් උත්සය නතර කර ඇත.

ගින්නෙන් අක්කර 25ක පමණ භූමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී ඇති බව අප වාර්තාකරු පවසයි.

වතු කම්කරුවන් කියා සිටින්නේ එම ඉලුක් සහිත ඉඩමේ වල් ඌරන්, වැලි මුවන්, හාවුන් ඇතුළු කඳුකරයට ආවේනික වු සිවුපාවුන් සහ පක්ෂින් මෙම ඉලුක් සහිත රක්ෂිත ඉඩමේ සිටින බවයි.

සතුන් දඩයම් කිරීමේ අරමුණින් කිසියම් පිරිසක් ගිනි තබන්නට ඇති බව වතු කම්කරුවන් කියා සිටින බව අප වාර්තාකරු පවසයි.

මධ්‍යම කඳුකරයේ මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමඟම මෙවැනි රක්ෂිත ගිනි තැබීම් බහුලව කිසියම් පිරිසක් විසින් සිදු කරන බවත්, එවැනි ගැනි තැබිම් සිදු කරන පුද්ගලයන් පිලිබඳ තොරතුරු වෙතොත් ළගම ඇති පොලීසියට දැනුම් දෙන ලෙසත් පරිසර සංවිධාන මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here