හලාවත – ආණමඩුව පෞද්ගලික බස් රථ වැඩවර්ජනයක්

0
344

හලාවත – ආණමඩුව මාර්ගයේ පෞද්ගලික බස් රථ සේවකයින් අද (08) දහවල් සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. හලාවත බස් නැවතුම්පලේ ලංකා ගමනාගමන මණ්ඩලයේ වේලා සටහන්කරුවෙකු විසින් පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියකට විරෝධය පල කරමින් ඔවුන් විරෝධතාවයේ නිරත වන බව සඳහන් වේ. පහරකෑමට ලක්ව ඇති බස් කොන්දොස්තරවරයා ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් වී තිබේ. තමන්ට ද කිසියම් අයෙකු පහරදුන් බව පවසමින් වේලා සටහන්කරු ද ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් වී ඇති බව වාර්තාකරු පැවසුවේය. සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here