හමුදාවෙන් පැන ගිය නාමල් කුමාර ගැන හමුදාවෙන් පරීක්ෂණයක්

0
477

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අනාවරණ කල නාමල් කුමාර නැමැත්තා හමුදාවෙන් පලා ගිය බවට වන චෝදනාව සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන බව යුධ හමුදාව පවසනවා.

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ වන විට ඔහුට එරෙහිව සිදුකරන පරීක්ෂණවලින් පසුව යුධ හමුදාව මගින්ද පරීක්ෂණයක් සිදුකරන බවයි.

එමෙන්ම නිල වශයෙන් යුධ හමුවෙන් ඉවත් වන ලෙස ඔහුට ඉදිරියේදී දැනුම් දීමක් කරන බවද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලා. නාමල් කුමාර නමැත්තා ප්‍රථමයෙන් ගුවන් හමුදාවටද අනතුරුව යුධ හමුදාවටද බැඳී ඇතැයි සඳහන්.

කෙසේවෙතත් ඔහු ඉන් නිසි පරිදි ඉවත් නොවී පළාගොස් ඇති බවටයි අධිකරණය හමුවේ කරුණු අනාවරණය වූයේ.

එමෙන්ම හමුදාවට බැඳීම සඳහා නාමල් කුමාර ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර ඇතැයි විමර්ශනවලදී ඔප්පු වූ බවද රහස් පොලිසිය අධිකරණය හමුවේ අනාවරණය කලා.

මේ අතර හමුදාවට බැඳීම සඳහා ව්‍යාජ අධ්‍යයන සහතික සකස් කලේ යැයි තමන් පිළිගන්නා බවයි නාමල් කුමාර පසුගියදා සඳහන් කලේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here