හතුරුසිංහ පුහුණුකරු තනතුරෙන් ඉවත් කරන ලකුණු ! – නව පුහුණුකරු අවිශ්කද ?

0
159

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ඇතිව තිබෙන ගැටළුකාරී තත්වය හා පුහුණුකරුවන්ගේ වෙනස් වීම් අතර ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු මහතා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඔහු ඊයේ (30) මෙලෙසින් දිවයිනෙන් පිටව ගොස් ඇත්තේ මේ වන විට ඕස්ට්‍රේලියාවේ තරඟ සංචාරයක නිරතවන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙන්ම පුහුණුකරුවන් හමුවීම සඳහායි.

එහිදී ඔහු විශේෂ තීරණ කිහිපයක් පිළිබඳවම කණ්ඩායම දැනුවත් කිරීමට නියමිත බවත් බොහෝ දුරට මෙහිදී හතුරුසිංහගේ පුහුණුකාරීත්වය පිළිබඳව තීරණයක් ගැනීමට ඉඩ ඇති බවටද ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වෙනවා. මීට පෙර පිතිකරුවන් පුහුණුකිරීමේ තනතුරට අවිශ්ක ගුණවර්ධන පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබුණා.

පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ජ්‍යෝෂ්ඨ ක්‍රීඩකයින් ක්‍රීඩා අමාත්‍යවරයා මුණගැසී සාකච්ඡා කර තිබුණු අතර එහිදීද හතුරුසිංහ කණ්ඩායම සමඟින් කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් කතාබහට ලක්වී තිබෙනවා.

ඒ අනුව බොහෝ දුරට හතුරුසිංහ පුහුණුකරු ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ඇති බවයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපවෙත තොරතුරු වාර්තා වන්නේ. එසේ සිදුවුවහොත් නව පුහුණුකරු ධූරයට අවිෂ්ක ගුණවර්ධන නම් කිරීමේ වැඩි ප්‍රවනතාවක්ද පවතිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here